දුටු නුදුටු දෑ දුටු මන්නාරම


ඒකාකාරී වැඩ වලින් පොඩ්ඩක් මිදිලා වෙනසක් වෙන්න එක්ක අපි කරන දෙයක් තමා ට්‍රිප් එකක් යන එක 🙂 අපිත්, ඒ කියන්නේ මායි මගේ යාලුවොයි ඔහොම ගමනක් දාගෙන තිබුනේ. ගමනේ සංවිධානය, යන තැන්, ඉන්න තැන් ඔක්කෝම භාරව කටයුතු කරේ කැලා. කැලා කියන්නේ එයාගේ කාඩ් එක. කැම්පස් එකේ. කොහොම හරි ඕක යන්න හිතාගෙන හිටියේ මීට මාස දෙකකට විතර කලින්. අපි දැන් ගිහිල්ලා ඉන්න හිට්යේ කැලාගේ අයියා කෙනෙක්ගේ තැනක. ඉතින් කොහොමෙන් කොහොම හරි අයියගේ වැඩ හින්දයි,රටේ අධ්‍යාපනයේ අස්ථාවර භාවයයි හින්දා වැඩේ පොඩ්ඩක් පරක්කු වුනා. 😀 එහෙම වෙලා ට්‍රිප් එක අපි ගියේ මීට සති දෙකකට විතර කලින්. දෙයියනේ කියලා අපි පස් දෙනෙක් වැඩේට සෙට් වුනා. යන්න හිටියේ සිකුරාදා නයිට් මේල් එකේ. ඔන්න කෝච්චියේ යනව නම් ඉතින් මැදවච්චියෙන් බැහල තමා යන්න වෙන්නේ. ටේන් එකේ කාලසටහන මෙතනින් බලා ගන්න පුලුවන්. කතාව කියන් ගියාට යන තැන කියලා නෑනේ. මන්නාරමට තමා අපි යන්නේ 😀

එතනත් වැඩේ කියන්නේ රැ යන ගමන පොඩ්ඩක් අනිත් දවසේ, ඒ කියන්නේ සෙනසුරාදා පාන්දරට කල් ගියා. අපි යන්න සෙට් උනේ පාන්දර යන ඕමන්තෙයි express train එකේ. එක්කෙනෙක් කොලඹින් නගින්න හිට්යේ. ඒ තමා අපේ අපේ සංවිධායකතුමා. එයා වේලාවට වැඩ කරන කෙනෙක්. ඒ හින්දාම ටේන් එක යන්න පිටත්වෙන වෙලාවට තමා ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ 😀 ඒ වගේ ට්‍රේන් වල ඔය booking system එකක් තියනවලුනේ. ඉදගන්න එහෙම කලින් බූක් කරන්න ඕන. ඒ හින්දා වෙලාවට ස්ටේෂන් එකට ආවා කියලා ගමන් යන්න බෑ. පොඩ්ඩ්ක් කලින් යන්න ඕන. නැත්නම් ඉතින් ‘මචන් කෝච්චිය නූලෙන් මිස් උනා ‘කියලා තමා කියන්න වෙන්නේ 😛 අපිට ඔය මොබිටෙල් ලගෙනුත් එක කරගන්න තිබුනා.හැබැයි ඒක මතක් උනේ යාලුවාට ට්‍රේන් එක මිස් උනාට පස්සේ.  Mobitel Post Paid package එකක් තියෙනවනම් 365 ගහලා book කරන්න පුලුවන්. මාසේ බිලට ඒක එකතු වෙනවා.
කොහොම හරි යාලුවා එහෙන්ම වවුනියා බස් එකකට නැගලා. තව එක්කෙනෙක් පොල්ගහවෙලින් නැග්ගා.මායි තව යාලුවෙකුයි කුරුනෑගලින් සෙට් උනා කෝච්චියට. අනිත් යාලුවා හවස බස් එකේ එනවා. Continue reading

Posted in අපේ දේ, පරිසරය, රස කතා | Tagged , , , | 8 Comments

මොළයක් තියා කළදක්වත් නැද්ද…


අපේ අම්මලා තාත්තලා, අපේ වැඩිහිටියෝ එහෙම පොඩි කාලේ සමහර වෙලාවට අපිට බනිනවා මේකට මොලේ කළදක්වත් නෑනේ කියලා” 😀 . වැඩේ තියෙන්නේ සමහර අයට නම් පොඩි කාලේ විතරක් නෙවයි ලොකුවුනාමත් එහෙම කියන එක 😀  ඔය විදිහට කියල බනින වෙලාවක ඔයගොල්ලන්ටත් හිතුනොත් ඇත්තටම මම මහ බූරුවෙක්, මොළයක් නැති වැඩක් තමා කරල තියෙන්නේ කියලමම නම් කියන්නේ කණගාටුවෙන්න එපා..පසුතැවෙන්න එපා..මොකද ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බැනේ 🙂

හැබැයි ආය ඒ වගේ දෙයක් නම් වෙන්න ඉඩ තියන්න එපා.. කර ගත්ත දෙයින් දෙයක් ඉගනගන්න. මොකද වැරදීම් වලින් අපි හරියට ඉගනගත්තොත් ඒ වැරදීම් වලට අපිව ආය පරාජය කරන්න අමාරුයි.

මට ඉතින් ඔහොම දෙයක් කියන්න මතක් වුනේ අපේ මතක් ශක්තිය, සිතීමේ වේගය, ප්‍රතික්‍රියාදැක්වීමේ කාලය,අවධානය ආදී කරුනු වර්ධනය කර ගන්න උදව් වෙන පොඩි games වගයක් අන්තර්ජාලයේ දැක්ක නිසයි. ඔයගොල්ලෝත් පොඩ්ඩක් සෙල්ලම් කරල බලන්න.මොකද සමහර අපි වැඩක් නැ කියල හිතන සමහර දේ වලින් වැඩක් තියන දේවල් හුගක් අපේ ජීවිතයට එකතු කර ගන්න පුලුවන් හින්දා… 

මේ ටික Discovery web එකේ තිබුන ටිකක් 🙂

Continue reading

Posted in අන්තර්ජාලය, ගේම්ස් | Tagged , , | Leave a comment

කොහෝ කොහෝ..කොහේ ඉදන් සිංදු කියනවදෝ..


Posted in අපේ දේ | Tagged , , | Leave a comment

හෙට Convocation :)


ඔන්න හෙට ඉතින් කොල්ල නිල වශයෙන්ම උපාධිය ගන්නවා 🙂 උපාධිය සම්පූර්ණ කරා කියල මීට මාස ගානකට කලින් සහතිකයක් දුන්නට හෙට තමා ලෝකෙටම පේන්න උපාධිය පිරි නමන්නේ 😀 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 74 වෙනි උපාධිප්‍රදාන උත්සවයට තමා හෙට සහභාගී වෙන්නේ.

හැබැයි ඉතින් උපාධිය කියල කෑගහගෙන ගියාට හෙට නම් එසේ මෙසේ කට්ටක් නම් නෙවයි කන්න තියෙන්නේ..උදේ 7.30 විතර ඉදන් වැඩේ පටන්ගන්නවා…උදේ පෙරහරකින් එක්කන් ගිහිල්ලා උත්සවශාලාවේ වාඩිවෙනවා..ඉවර වෙනකන් ඉතින් නෝහෙල්ලුම්…විභාග ලියන්න කාපු කට්ටට වඩ ලොකු කට්ටක් හෙට කන්න වෙයි වගේ.මෙදා සැරේ ශාලාවට ඇතුල් වෙන්න දෙන්නෙත් අම්මට හරි තාත්තට හරි විතරයි.අනික ඇතුලට මොකුත් අරන් යන්නත් බෑ…නෝ ෆෝන්, නෝ කැමරා 😦

Continue reading

Posted in අපේ දේ, පේරා Campus | Tagged , , , | 5 Comments

බලන්න..සමහරවිට නොබලපුවත් ඇති…


දකින දේවල් අපේ හිතේ රැදිලා තියනව හුග කාලයක්..ඔන්න ඔන්න කට්ටියට දැන් ඉතින් එක එක දේවල් හිතේ මැවෙනවා ඇති 🙂 හැබැයි ඔය මම පල්ලෙහා දාලා තියෙන්නේ අන්තර්ජාලයේ සැරි සරන්කොට දකින්න ලැබුනු වීඩියෝ දර්ශන කිහිපයක්..

  • බලන්න අවාසනාව මැදින් මතුවෙන වාසනාව. ජීවිතයේ මේවගේ බොහෝ නොසිතන දේවල් වලට අපි මුහුන දී තිබෙන්න පුලුවන්..නැත්නම් ඉදිරියේදී මුහුන දේවී..එය කාලයට භාරයි..

Continue reading

Posted in අන්තර්ජාලය, තාක්ෂණය | Tagged , , , , | 1 Comment

♪♫ Why this kolaveri kolaveri kolaveri di..වෙනස් රසවින්දනයක්


අද මට අහන්න ලැබුනා පොඩ්ඩක් වෙනස් තාලේ සිංන්දුවක්.  බෝඩිම පැත්තේ ගිය වෙලාවෙ තමා යාලුවා මේ සිංදුව මට අහන්න සැලස්සුවේ.  හැබැයි මේක මේ අපේ අයගේ වැඩක් නෙවයි.. අපේ අසල්වාසීන්ගේ, ඉන්දියාවේ නිපැයුමක්.  සිංදුව තමා  “Why This Kolaveri Di”.  මෙය 2012 දී නිකුත් වීමට නියමිත ‘3 දමිළ සිනමා පටයකට‘ අදාලව නිපැයුනු සිංදුවකි.  2011 නොවෙම්බර් මස 16 දින නිකුත් වු මෙහි විශේෂත්වය වන්නේ මෙහි ගායන විලාශයයි. ඉංගීසි බස හා දමිළ බස මුසු ගායනයක් මෙහි දක්නට ලැබෙනවා. (Tanglish- portmanteau word of Tamil and English). මෙය ඉතා ඉක්මනින් සමාජජාලා අඩවි තුල ජනප්‍රිය වුනා. එසේම කෙටි කාලයක් තුල YouTube  හී ඉන්දියාවේ වැඩිම දෙනා සෙවූ වීඩියෝව බවට මෙය පත් වුනා.

මෙය නිකුත් කළ පසුව #kolaveri යන්න ඉන්දියාවේ Twitter හි ඉන්දියාවේ trend එකක් බවට පත්වූ අතර මේ සදහා You tube හි 1.3 million අධික නැරඹීම් ලැබී තිබෙනවා. Facebook හී 1million වඩා මෙය share වී තිබෙනවා. එසේම මෙය නිකුත් කිරීමෙන් පසුව දින 18 ඇතුලත 210,000 ජංගමදුරකථන සදහා භාගත කරගෙන තිබෙනවා.

Continue reading

Posted in රස කතා, වෙනත් | Tagged , | Leave a comment

ක්‍රීඩාශීලීත්වය, සහෝදරත්වය හා විනෝදය බැදුනු ” Pera Knights Get ’11 “


එකමුතුකම, සහෝදරත්වය,බැදීම ආදී ගුණාංගයන් ක්‍රීඩාවක් තුලින් බලාපොරොත්තුවන සමාජීය වශයෙන් වැදගත් වන ගුණාංග කිහිපයක්..ඒ ගැන මම කියන්න සුදානම් උනේ මෙවන් ගුණාංග සපිරි එකමුතුවක් පසුගිය දිනක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවත්වුනු නිසායි.. පසුගිය 20 වැනිදා පේරාදෙණිය සරසවියේ ක්‍රීඩාගාර සංකීර්ණය තුළ පැවත්වුනු පේරාදෙණිය චෙස් එකමුතුව එවන් ගුණාංග රැසකින් සමන්විත වී තිබුනා…

 

Continue reading

Posted in අපේ දේ, ක්‍රීඩා, පේරා Campus | Tagged , , , | Leave a comment

චමත්කාරදසුන් මවන පේරාදෙණිය සරසවිය


සොබාදහම කියන්නේ චමත්කාර දසුන් මවන, නෙතට ප්‍රිය උපදවන තැනක්..ලස්සන කියන දේ සොබාදහම තුල රැකිල තියන දෙයක්. මම මේ සොබාදමේ ලස්සන ගැන කියන්න යන්නේ ළගකදි මූණුපොතේ සැරිසරන වෙලාවක දැකපු පින්තූරයක් නිසා….කතාව පොඩ්ඩක් නවත්තලා ඒ පින්තූරය පොඩ්ඩක් බලන්නකෝ…

Continue reading

Posted in අපේ දේ, පරිසරය, පේරා Campus | Tagged , | 2 Comments

ඇහුන් නෑ..අහෙයිද දාල තියන සද්දෙට..ගන්නව බලන්න තමුසෙගේ ID එක…


ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා..මේ කාලේ මම  මේ training එකේ ඉන්න හින්දා මෙලෝ වැඩක් කර ගන්න බැරි උනා. උදේ නැගිට්ටා…හවස ආවා…කෑවා… බීවා …නිදා ගත්තා…ඉතින් මොන බ්ලොග්ද…පොඩි රස කතාවක් කියන්න මතක් වෙලා තමා මෙහේ ආවේ…වැඩේ උනේ ඉතින් මගේ යාලුවෙකුට…කවුද කියල කියන්න බෑ…අය බෝඩිම පැත්තේ ගිහින් හමාරයි..කතාව කියන්නම්කෝ ඉතින්…ලේසියට යාලුවාට සම්පත් කියමු…ඕක ඉතින් මනංමල්පිත නමක් කියල හිතා ගන්න….හරිද…

ඒ දවස් වල අපි මේ විභාගෙකට දාගෙන වැඩ..මම ඉතින් ගෙදර ඉදන් කැම්පස් ගියාට විභාගේ කාලෙට බෝඩිමේ තමා…ගෙදර හිටියොත් ඉතින් විභාගේ අලේ අල…ඇයි අපි මෙලෝ වැඩක් කරනව කියලය….ඉතින් ඒ ටිකේ පාන්දර එලි වෙනකම් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා තමා…දැන් නම් ඉතින් දෙය්යන්ගේ පිහිටෙන් ඒවා ඉවරයි 🙂

ඔන්න ඔය දවසක අපි දවල්ට කන්න කියල බත් ගෙන්න මායි තව යාලුවෙකුයි ගියා ලග කඩේකට..යාලුවා චන්දිම..ඒ නම නම් මනංකල්පිත නෑ..මොකද මේ කතාවේ මෙයාට අතුරු ආන්තරාවක් වෙන්නේ නෑ..හැබැයි ඒ නම දාන්න නම් අවසර ගත්තේ නෑ 😛

හරි ඔන්න අපි දෙන්න බත් ගේන්න ගිහින් බෝඩිමට ආවා…එද්දී මිදුලේ සම්පතුයි තව කාකි ඇදුමක් ඇද ගත්ත එක්කෙනෙකුයි ඉන්නවා..ඔයගොල්ලෝ දන්නවනේ කාකි ඇදුම් අදින්නේ කවුද කියලා..අන්න ඒ අයගෙන් පොඩ්ඩක් භයානක කෙනෙක් තමා හිටියේ.හිතාගන්න පුලුවන්නේ…අන්න හරි, ඔයගොල්ලන්ට තේරුනා…පොලිස් අංකල් කෙනෙක් තමා 😀

බෝඩිමේ කලින් තිබුන සාමකාමී වාතාවරණය එතන තිබුන් නෑ..අපිත් බැලුවා මේ මොකද කියාලා..මොකද සම්පත් කුරා කූඹියෙකුටවත් හිංසා කරන කෙනෙක් නෙමේ..කූඹි මෙයාට මොනවත් කරොත් මිසක් 😛  වැඩේ කියන්නේ යාලුවා එයාගේ national ID එකත් දික් කරගෙන ඉන්නව..යකෝ මූ අපි නැති වෙලාවක ලග ගෑණූ ළමයෙක් ඉන්න ගෙදරකටවත් රිංගුවාද…එහෙම දෙයක් වෙන්නත් බෑනේ..

පොලිස් මාමත් හෝ ගාලා බනිනවා….සම්පත් ට කැදත් නෑවගේ…අපි ගියා..

චන්දිම්:- මොකද්ද සර් මේ…. (සර් කිව්වහම මිනිහට මාර හැපී..)

පොලිස් අංකල්:- නෑ බලන්වකෝ මේ මිනිහා කරපු දේ..

මම:- හරි සර් අපි ඇතුලට ගිහිල්ල කතා කරමු.

චන්දිම:- ඔව් මෙතන කෑ ගහන්න ඕන නෑනේ…ඔන්න ඉතින් කට්ටියම ගියා ඇතුලට

මිනිහා ඇවිල්ල හිට්යේ ගෙවල් වල ඉන්න අයගේ විස්තර පුරවගන්න…ඔන්න වුන දේ පස්සේ අහන්න තියලා ඒ වැඩේ කරන්න පටන් ගත්තා.මම තමා පුරවන්න ගත්තේ. කට්ටියගේ විස්තර දාලා එහෙම පුරවන්න තිබුනේ. හැබැයි අයිතිකාරයා එදා හිටියේ නෑ…

චන්දිම:- අද හැබැයි අයිති එක්කෙනා නම් නෑ..

පොලිස් අංකල්:- එයා නැතුවට කම නෑ..අනිත් එවා පුරවන්න..

මමත් ඉතින් ඉදල ඉදල ගොන් ප්‍රශ්නයකුත් ඇහුවා..

මම:- දැන් අපි කොච්චර කල් මෙහෙ ඉන්නව කියල දාන්න ඕනද…?

පොර මං දිහා හොදට බැලුවා..සන්තෝසේ බෑ…

පොලිස් අංකල්:- දැන් බං මමද ඕක දන්නේ…උබල ඉන්න කාලේ මම කොහොමද දන්නේ..

ඒකත් ඇත්තනේ.

චන්දිම:- අපි පොලීසියට එන්න ඕනද? චන්දිමත් ලේසියෙන් අත අරින්නේ නෑ…

පොලිස් අංකල්:- පිස්සුද..මේ කරපු ටික හොදටම ඇති..ආය එහේ එන්න ඕන නෑ…කරපු හරිය හොදටම ඇති… හොදටම මළ පැනලා

දැන් ඉතින් ඔක්කෝම පුරවගෙන පොලිස් මාමා ගියා.. අපි දෙන්නම වට වුනා සම්පතයා වටේ..

මොකද බං වුනේ..

ඔන්න වුන සිද්දිය..

අපි ගියාට පස්සේ මිනිහා computer එක දාලා සද්දෙට ඔක්කොටෝම ඇහෙන්න සිංදු අහලා…හැමවෙලාවෙම පොතේ ඉන්නත් බෑනේ..ඒ අස්සේ තමා පොලිස් මාමා ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා දොරට ගහලා සැහෙන්න…කෑගහලත් එක්ක…කොහොම හරි යාන්තමට සම්පත්ට පොඩි සද්දයක් ඇහිලා තියනවා..ඒ හින්දා කෝකටත් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා බලන්න..ඇවිල්ලා ජනේලයෙන් පොඩ්ඩක් ඔලුව දාලා බලලා..මළකෙලියයි..පොලීසියෙන්…හැබැයි ඒ වෙලාවේ සම්පත් මල්ලි ඉදලා තියෙන්නේ උඩුකය නිරුවතින්…

ආයෙත් උඩට දුවලා ගිහින් ට්ෂර්ට් එකක් දාගෙන් ඇවිල්ලා ඔන්න දොර ඇරලා..එක පාරටම පොලිස් මාමා සම්පත්ට කඩන් පැනලා…

පොලිස් අංකල්:- කොහෙද ඕයි තමුසේ හිටියේ….මම කොච්චර වෙලා කෑගහුවද…

සම්පත්:- මම…මම…උඩ හිටියේ…මට..මට..ඇහුනේ නෑ…සම්පත් තක්කු මුක්කු වෙලා…

පොලිස් අංකල්:- ඇහුන් නෑ..අහෙයිද දාල තියන සද්දෙට..ගන්නව බලන්න තමුසෙගේ ID  එක…

ලැබුනු අණින් මෙලෝ දෙයක් හිතා ගන්න බැරි උන සම්පත් දුවල ගිහින් ID එක ගෙනාවා..

පොලිස් අංකල්:-  බලනවකෝ තමුසේ කරන දේවල්…ඔහොම සද්දේ දාගෙන ඉන්නවද ගෙදරක..අනිත් ම්නිස්සු ඉන්නේ කොහොමද..

සම්පත්ට ඉතින් කතා නෑ…ID එක  දික් කරගෙන ඉන්නවා…වස ලැජ්ජාවේ බෑ..ඇයි ඉතින් අපි ලග ගෙවල් ටිකට ඉතින් කැම්පස් පොර ටෝක් ටික දාගෙනනේ හිටියේ…

යන්තම් ඉතින් පොලිස් මාම කූල් ඩවුන් කරලා තම වැඩේ ෂේප් කරේ….පොලිස් අංකල් ගියාට පස්සේ වුන දේවල් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ…මට මේක මේ අහම්බෙන් මතක් උනේ….බෝඩිම පැත්තේ ගිය වෙලාවක අයේ මතක් කරල ගන්න ඕන 😀 😀

Posted in අපේ දේ, පේරා Campus, රස කතා | Tagged , , , , | 8 Comments

මගේ රත්තරන් අම්මේ අහිතක් නොසිතමි නුබ ගැන….


අද ලෝක අම්මාවරුන්ගේ දිනය…ලෝකයේ ලස්සනම වචනය ‘අම්මා’.. අද දවසේ හුගක් දෙනා කියන දෙයක්. ඇත්තටම මේක අපිට අද විතරක් මතක් වෙන දෙයක්ද.. සමහරවිට ඔව්..

”අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ.
දරුවන්ගේ දුක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුළැලි පිසින…
අම්මාවරුනේ”

අපගේ ජීවිත වෙනුවෙන් සැමදා කැප කල ඇයට එක් දිනක් වෙන් කිරීම ඇතිද ? ලෝකයා එසේ කලත් අප එසේ කළ යුතු වන්නේ නැත. ඒ ඇය අප වෙනුවෙන් කළ කැපවීම ගැනිය නොහකි නිසාවෙනි.

පහත තිබෙන්නේ මාගේ මිතුරෙකු එවා තිබු පින්තුරයක්..නොසිතු, නොදුටු, නොපැතු පැත්තක් දෙස එය ඔබව යොමු කරාවී… Continue reading

Posted in අපේ දේ, පරිසරය | Tagged , , , , | 4 Comments